අප ගැන

රටේ වත්මන් තත්ත්වයන් යටතේ ගුණවත් සමාජයක් ගොඩනැගීම සඳහා, 2018 ජූලි 15 වන දින අංක 43/43 , 10 වන පටුමග පැපිලියාන මාවතේ සමර ශ්‍රී දඩල්ලගේ මහතා විසින් මානව හිතවාදී මානව හිමිකම් සංවිධානය පිහිටුවන ලද අතර, එයට සියලුම ආගමික නායකයින් සම්බන්ධ වේ. මෙම සංවිධානය ස්වේච්ඡා සමාජ සේවා සංවිධානයකි. රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස, ශ්‍රී ලංකාවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, සංවිධානයට සාමාජිකයෙකු විය හැක්කේ ශ්‍රී ලංකා පුරවැසියන්ට පමණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, එය ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නීති සහ රෙගුලාසි අනුව ය. සියලු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කැප වූ සංවිධානයකි. මානව හිතවාදී මානව හිමිකම් සංවිධානය හරහා දේශපාලන අයිතිවාසිකම්, ආර්ථික සමාජය සහ සංස්කෘතික අයිතිවාසිකම්, ළමා අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම්, විවිධ අවශ්‍යතා ඇති පුද්ගලයින්ගේ අයිතිවාසිකම්, සංක්‍රමණිකයින්ගේ අයිතිවාසිකම් සහ පීඩාවලින් නිදහස් වීමේ අයිතිවාසිකම් මානව හිතවාදී මානව හිමිකම් සංවිධාන හරහා ශ්‍රී ලාංකික ජනතාවට තහවුරු කරන බව තවදුරටත් පැහැදිලි කර සිටිමු

දැක්ම

සාරධර්ම සුරකින ගුණගරුක උතුම්  මානව ප්‍රජාවක් බිහි කිරීම හා සෞභාග්‍යමත් රටක් උදෙසා සේවය කිරීම

මෙහෙවර

වර්තමානයේ ගිලිහී යන සමාජය බේරා ගැනීම සඳහා මානව හිමිකම් මානව යුතුකම් වගකීම් මත දැනුවත් කිරීම හා නීතිගරුක සමාජයක් බිහීකිරිම අප සංවිධානයේ අරමුණයි .

ව්‍යවස්ථාව

අප මානව හිතවාදී මානව හිමිකම් සංවිධානයේ නාමය සමර ශ්‍රී දඩල්ලගේ සංස්කෘතික සුභසාධන කලා සංගමයට අනුබද්ධ මානව හිමිකම් සංවිධානයයි මෙහි සාමාජිකත්වය ලබාගත හැක්කේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට පමණයි

සාමාජිකත්වය අහිමි වීම

  • අප මානව හිතවාදී මානව හිමිකම් සංවිධානයේ නීතිරීති වලට පටහැනිව ක්‍රියා කිරීමේ සාමාජිකත්වය අහිමි වේ
  • නීති විරෝධී ක්‍රියාවල යෙදීමෙන් සාමාජිකත්වය අහිමි වේ
  • අබාධිතයෙකු වීම හෝ ඉල්ලා අස් වීම
  • මියයෑම හෝ විදේශිගත වීම ( ස්ථිර පදිංචියට යෑම )

සාමාජියකයන් බඳවා ගැනීමේ පටිපාටිය

අප මානව හිතවාදී මානව හිමිකම් සංවිධානයට බැඳෙන සියලුම දෙනා නිසි අයදුම් පත්‍රයක් පුරවා බාරදීම අවශ්‍ය වේ එය ගරු සභාපතිතුමා ඇතුළු ප්‍රධාන අධ්‍යක්ෂක මණ්ඩලයේ අධීක්ෂණය යටතේ සාමාජික මහත් මහත්මියන් තෝරා පත් කරගනු ඇත .

ඒ සඳහා අවශ්‍ය සුදුසුකම්

  • ග්‍රාම සේවක මහත්ම මතමින්ගේ
  • අත්සන
  • තමන් පදිංචි වසමේ පොලිස් ස්ථානයෙන් ලබාගත් ලිපියක්
  • හැඳුනුම්පත් අංකය
  • අධ්‍යාපන සුදුසුකම්
  • උප්පැන්න සහතිකය
  • චරිත සහතික 2ක්
  • සමාජ සේවා පිලිබඳ ලබාගත් සහතික
  • වෙනත් සහතික
    අප සංවිධානයේ පෝරමය නිසි පරිදි පුරවා තිබීම අනිවාර්ය වේ

බලතල

ගරු සමර ශ්‍රී දඩල්ලගේ මහතා මානව හිතවාදී මානව හිමිකම් සංවිධානයේ යාවජීව සභාපති ධුරයේ කටයුතු කරයි 

අනෙකුත් සියලුම නිලධාරී මහත්ම මත්මියන්ගේ නිල කාලය වසර 3කි 

මානව හිතවාදී මානව හිමිකම් සංවිධානයේ තම තමන්ට පැවරී ඇති නිලතල වල අවංකවම රාජකාරී වල යෙදීම හා නිසි ලෙස ඒවා ඉටු කිරීම

අරමුණ

  • සියලු දෙනාගේ මානව හිමිකම් මානව යුතුකම් මානව අයතිවාසිකම් පිලිබඳ දැනුවත් කිරීම ඒ අයට අවශ්‍ය උපදෙස් ලබාදීම 
  • සමාජයට මානව හිමිකම් මානව යුතුකම් මානව අයිතිවාසිකම් පිලිබඳ දැනුවත් කිරීම ඒ අයට අවශ්‍ය උපදෙස් ලබාදීම 
  • විවිධ වැඩමුළු පැවැත්වීම 
  • රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සම්බන්ධ කරගෙන විවිධ වැඩසටහන් හා දේශන පැවැත්වීම 
  • නිතිය ඉදිරියේ අසරණ වුවන්ට පිළිසරණක් වීම 
  • වර්තමානයේ ගිලිහි යන සමාජය බේරා ගැනීම සඳහා විවිධ සමාජ සේවාවන් කිරීම 
  • අඩු ආදායම්ලාභී හා දිළිඳු ජනතාවට විවිධ සේවාවන් කිරීම 
  • අධ්‍යාපනය ලබන සියලුම දු දරුවන්ට දහම් දැනුමට යොමු කිරීමේ වැඩ සටහන් කඩිනමින් ක්‍රියාත්මක කිරීම 
  • මතින් තොර රටක් සෞභාග්‍යමත් රටක් උදෙසා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් රටපුරා ක්‍රියාත්මක කිරීම 
  • පුරාණ විහාරස්ථාන සොයා ඒවගේ ඓතිහාසික තොරතුරු ජනතාවට දැනගැනීමට සැලැස්වීම