2019

මානව හිතවාදී මානව හිමිකම් සංවිධානයේ ගරු සභාපතිතුමාගේ මැදැහත්වීමෙන් රත්මලාන බෝධිරුක්‍ඛාරාම විහාරස්ථානයේදී පාසල් දරුවන් 75 දෙනෙකුට පාසල් බෑග් සහ පොත් ලබාදෙන ලදි

එම වර්ෂයේ දහම් පාසල් දරුවන් 400ක් සඳහා කිරි පැකට් ලබාදීම

අනුරාධපුරයේ මවකට අත්වාරු ලබාදීම

බොරලැස්ගමුව පොලිසිය සමග එක්ව කොවිඩ් 19 හේතුවෙන් අසරණ වූ පවුල් සඳහා වියලි ආහාර ලබාදීම

කොවිඩ් 19 හේතුවෙන් අසරණ වූ කලාකරුවන් රැසකට වියලි ආහාර ලබාදීම
(කොළඹ,කිරිබත්ගොඩ,ගම්පහ,නිට්ටඹුව,ජා ඇල)

2022

2022 ජුනි 25
ස්ථානය ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

65/ජල නාදෙනිය ග්‍රාම නිලධාරි තුමිය විසින් තෝරා ගත් අඩු ආදායම්ලාභී පවුල්වල ළමුන් සඳහා පසුගිය දා ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පාසල් උපකරණ ලබාදීම

2022 ජුනි 22
ස්ථානය මල්මඩුව, අටාල

පිංදෙනිය පොලිස් ස්ථානාධිපතිතුමාගේ නිරික්‍ෂනය යටතේ පිංදෙනිය මල්මඩුව, අටාල අඩු ආදායම්ලාභී පවුලක් තෝරා ගැනීමෙන් අනතුරුව එම පවුලේ අයට නිවසේ ඉතිරි වැඩ කිරීම සඳහා මානව හිතවාදී මානව හිමිකම් සංවිධානයේ සභාපතිතුමා අවශ්‍ය දෑ ලබාදෙන ලදි.

2022 ජුලි 25
ස්ථානය – කෑගල්ල, ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

කෑගල්ල, ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගරු ලේකම්තුමා සමග නිරික්‍ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව එම පළාතට අයත් ග්‍රාමසේවා වසම් 51 හි අඩු ආදායම්ලාභී පවුල් 150කට අධික පිරිසක් තෝරාගෙන වියලි ආධාර ලබාදීම.

2022 අගෝස්තු 01
ස්ථානය – සංඝරාජපුර ග්‍රාමීය රෝහල, හතරලියද්ද.

මානව හිතවාදී මානව හිමිකම් සංවිධානය කෑගල්ල දිස්ත්‍රික්කයේ හතරලියද්ද, සංඝරාජපුර ග්‍රාමීය රෝහලට රුපියල් ලක්‍ෂ 3කට අධික වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය ඖෂධ පරිත්‍යාග කිරීම.

සංඝරාජපුර ග්‍රාමීය රොහලට හිඟව පැවති අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාගය අප සංවිධානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සමර ශ්‍රී දඩල්ලගේ මහතා විසින් එම රෝහල් ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය ස්වර්ණමාලී පානමකුඹුර මහත්මිය
වෙත භාරදෙන ලදි.

2022 අගෝස්තු 01
ස්ථානය – නිකවැරටිය, බුළුමුත්තාව

මානව හිතවාදී මානව හිමිකම් සංවිධානයේ ගරු සභාපති සමර ශ්‍රී දඩල්ලගේ මැතිතුමාගේ මගපෙන්වීම යටතේ නිකවැරටිය, බුළුමුත්තාව ග්‍රාමයේ පදිංචි ඊ.එම්. සුනෙත් චාමර මහතාට මානව හිතවාදී මානව හිමිකම් සංවිධානයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අධ්‍යක්‍ෂක ධූරය පිරිනමන ලදි. එදිනම එතුමාගේ මානව හිමිකම් කාර්යාලයද විවෘත කරන ලදි.

2022 අගෝස්තු 21
ස්ථානය – නිකවැරටිය, නොච්චියාගම, අනුරාධපුරය

මානව හිතවාදී මානව හිමිකම් සංවිධානයේ මීගමුව ප්‍රදේශයේ අධ්‍යක්‍ෂ වූ සඳුන් බාලසූරිය පියතුමාගේ ආරාධනයෙන් නොච්චියාගම පහළ, මාරගහවැව ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී විය


2022 සැප්තැම්බර් 01
ස්ථානය – හත්ථකුච්චි ශෛලබිම්බාරාම විහාරස්ථානය – අනුරාධපුරය

එහිදී එම විහාරස්ථානයේ අති පූජ්‍ය ස්වාමීන් වහන්සේ සමග එම විහාරස්ථානයේ නිරික්‍ෂණයක නිතර විය එහිදී එම විහාරස්ථානයේ අඩුපාඩු විමසා කඩිකමින් ඒවාට විසඳුම් ලබාදීමට අප මානව හිතවාදී මානව හිමිකම් සංවිධානයේ ගරු සභාපතිතුමා පොරොන්දු විය. ඩුබායි රාජ්‍යයේ සේවයේ නියුතු අප සංවිධානයේ කැළණිය සංවිධායක සුරේඛා මහත්මිය එම විහාරස්ථානයට අවශ්‍ය වියලි ආහාර ලබා දීම එදිනම සිදු කෙරිණි.

ඉන් අනතුරුව ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කර ඉදිරි මාසයේ පෝයට එනම් (2022-10-10) එම විහාරස්ථානයේ මල් පෙරහැරක්, කාව්‍යමය ධර්ම දේශනාවක් කිරීමට යෝජනා කලහ.

2022 සැප්තැම්බර් 06
ස්ථානය – දේවාලේගම පවුල් සෞඛ්‍ය මධ්‍යස්ථානය


ශ්‍රී ලංකා පොලිසියට වසර 156 පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා පොලීසිය මගින් මහජන සුභසිද්ධිය හා මහජන සම්බන්ධතාව වර්ධනය කරන ගැනීම වෙනුවෙන් සිදු කිරීමට නියමිත වැඩසටහන් පෙලට සමගාමීව 2022-09-06 වන දින සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික්කයේ දේවාලේගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා මගින් කටයුතු සූදානම් කර තිබුනි.


මෙම වැඩසටහනට ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන පවුල් 50 සඳහා පවුල් සෞඛ්‍ය අංශය මගින් නිර්දේශ කල අතර එම මවුවරුන් සඳහා මානව හිතවාදී මානව හිමිකම් සංවිධානය මගින් වියලි ආහාර ලබා දෙන ලදි.

 


2022 සැප්තැම්බර් 08
ස්ථානය – පිංදෙනිය පොලිස් ස්ථානය

156 වන පොලිස් සංවත්සරය නිමිත්තෙන් පොලිස් ජන්ම දිනය තේමා කරමින් පිංදෙනිය පොලිස් වසමට අයත් 2022-09-03 දින සිට 2022-09-10 දක්වා විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක විය ඒ අතරින් පොලිස් වසමේ පදිංචි ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන පවුල් වල පාසල් යන දරුවන් වෙනුවෙන් අවශ්‍ය දේ ලබා දීම පොලිස් ස්ථානාධිපතිවරයාගේ මග පෙන්වීම යටතේ ඉතාමත් දුෂ්කර පාසලක් වන හීන්වැල්ල දමිල කනිටු පාසල තෝරා පත් කර ගනී

එම අවස්ථාවට පැමිණි මානව හිතවාදී මානව හිමිකම් සංවිධානයේ ගරු සභාපතිතුමා අතින් පාසල් උපකරණ ලබාදෙන ලදි.

 

2022-11-09
ස්ථානය – අනුරාධපුරය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස

දිවයින පුරා ඇති පුරාණ විහාරස්ථාන සොයා ම විහාරස්ථාන වල පුර පසලොස්වක දිනයට සීල ව්‍යාපාර සහ ආගමික වැඩසටහන් කිරීම ඊට අමතරව අපගේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සංකල්පයක් වශයෙන් රටේ සිටින තරුණ දරුවන් වයස 15-25 අතර දරුවන් මේ වන විට විවිධ කරදර වලට පෙළඹෙන හා මුහුණ දෙන නිසා එය අවම කර ගැනීම සියලුම දරුවන් දහම් දැනුම සඳහා යොමු කිරීමයි

මේ සංකල්පය අනුව අප මුලින්ම ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ආශිර්වාදය ලබා ගත්හ

2022 නොවැම්බර් 18 
ස්ථානය – හලාවත

ඉදිරි දැක්ම සඳහා කොට්ඨාශ මට්ටමේ සාකච්ඡා කිරීම එය මෙහෙයවනු ලැබුවේ වයඹ පළත් අධ්‍යක්‍ෂ සුසිල් ජයලත් පියතුමා ය. එම අවස්ථාවේ ගරු සභාපතිතුමා සභාව අමතමින් කියා සිටියේ 2023 වර්ෂයේ ඉදිරි දැක්ම සඳහා අප සියලු දෙනා එකමුතුවී වැඩ කල යුතු බවයි.
ඒ සඳහා එම පළාත් වල සිටින සියලු දෙනා කොට්ඨාශ මට්ටමේ විවිධ වැඩසටහන් කිරීම වැදගත් බවයි.
ඒ අතරින් අධ්‍යාපනය ලබන සියලු දරුවන් දහම් දැනුමට යොමු කිරීම හා අඩු ආදායම්ලාභී පවුල් සොයා ඒ අයට අවශ්‍ය දේ කඩිනමින් ලබාදීම, මත්දව්‍ය පිළිබද වැඩසටහන් ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බව සභාව අමතා ගරු සභාපතිතුමා ප්‍රකාශ කරන ලදි.

 

2022 නොවැම්බර් 22
ස්ථානය – ජා ඇල වැලිගම්පිටිය

ඉදිරි වැඩ කටයුතු සාකච්ඡා කිරීම සඳහා සඳුන් පියතුමාගේ ආශිර්වාදය මැද දවසේ වැඩ ආරම්භ විය.
ගරු සභාපති කියා සිටියේ ඉදිරි දැක්ම සඳහා 2023 වර්ෂය සඳහා කරගෙනු යනු ලබන දරුවන් දහම් දැනුමට යොමු කිරීම ඉතා වැදගත් බවය.
රටේ තිබෙන වත්මන් තත්වය මත දැහැමි සමාජයක් බිහිකිරීමට නම් අප සියලු දෙනාම එකමුතුවී වැඩ කිරීමද ඉතා වැදගත් බවයි.

2023

2023 ජනවාරි 24
ස්ථානය – බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව

මානව හිතවාදී මානව හිමිකම් සංවිධානය විසින් 2023 නව වසර සඳහා අලුත් නිලධාරි මණ්ඩලයක් පත් කිරීම පසුගියදා සිදු කෙරිණි. එහිදි නව නිලධාරි මණ්ඩලය සමග ලංකාවේ සියලුම පළාත් නියෝජනය වන පරිදි එම පළාත්වලට නියෝජිතයින්ද පත් කරනු ලබන අතර දිස්ත්‍රික් මට්ටමින්ද නියෝජිතයින් පත් කෙරිණි.

2023-02-02
ස්ථානය – මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

මානව හිතවාදී මානව හිමිකම් සංවිධානයේ චමින්ද සම්පත් පියතුමාගේ මූලිකත්වයෙන් මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලුම නිලධාරි මහත්ම මහත්මීන් සම්බන්ධ කරගෙන අනෙකුත් සියලුම පොලිස් වසම්වල මහත්ම මහත්මීන් සමග සමස්ථ මාවනැල්ල ආවරණය වන පරිදි මත්දව්‍ය නිවාරණ වැඩසටහනක් ක්‍රියාත්මක කලහ.

2023 පෙබරවාරි 15
ස්ථානය – කූරටිහේන මහා විද්‍යාලය හෙට්ටිපොළ

මානව හිතවාදී මානව හිමිකම් සංවිධානයේ කුරුණෑගල දිස්ත්‍රික් අධ්‍යක්‍ෂ සුනෙත් ඒකනායක මහතා විසින් එම උත්සවය සංවිධානය කරන ලදි. මෙහි අරමුණ මානව හිමිකම්, මානව අයිතිවාසිකම්, මානව යුතුකම් පිළිබඳ දැනුවත් කිරීමයි.

කථිකාචාර්ය හා උපදේශක කමල් බණ්ඩාර හීන්කෙන්ද මහතා විසින් සභාව අමතන ලදි. එම අවස්ථාවේදී සභාපතිතුමා හරවත් දේශනයක් සිදු කරන ලදි.

2023 මාර්තු 06
ස්ථානය – බොරැල්ල වනාතමුල්ල

මතින් තොර රටක් සෞභාග්‍යමත් රටක් උදෙසා රංජිත් පියතුමා මෙම වැඩසටහන සංවිධානය කරන ලදි. ගරු සභාපතිතුමා ද එහිදී හරවත් දේශනයක් කලහ.
මෙම අවස්ථාවේදී ගරු ලේකම්තුමිය කියා සිටියේ මාතෘ භූමිය භාරගන්නා අපේ මේ දුවා දරුවන් ආගම දහමට ලැදිව යහමගට ගැනීම අවශ්‍ය බවය.
තවදුරටත් එතුමිය කියා සිටියේ සියලුම අධ්‍යාපනය ලබන දූ දරුවන් දහම් දැනුමට යොමු කිරීමෙන් මෙම ව්‍යවසනයෙන් බේරා ගැනීමට හැකි බවය.

2023 පෙබරවාරි 15
ස්ථානය – බණ්ඩාර කොස්වත්ත, ග්‍රාම නිලධාරි වසම – හෙට්ටිපොළ

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මානව හිතවාදී මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්‍ෂ සුනෙත් ඒකනායක මහතා විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදි.
එහිදී අප සභාපතිතුමාගේ ආරාධනයෙන් පැමිණි කථිකාචාර්ය, උපදේශක, කමල් බණ්ඩාර හීන්කෙන්ද මහතා එම ග්‍රාමයේ සියලුම ජනතාවට හරවත් දේශනයක් කලහ.

2023 අප්‍රේල් 11
ස්ථානය – ආණමඩුව පිදේපියා දේවස්ථානය

නවක සාමාජික සාමාජිකාවන් බඳවා ගැනීමේ වැඩසටහනක් නිලන්ත පියතුමා විසින් සංවිධානය කරන ලදි. මෙම අවස්ථාවේදී ගරු ලේකම් තුමිය නවක සාමාජිකයෙකුගේ කාර්ය භාරය පිළිබඳ පැහැදැලි කිරීමක් කරන ලදි. ඒ සමගම ගරු සභාපතිතුමා ඉදිරියේදී අපගේ නවක සාමාජික මහත්ම මහත්මීන්ට මානව හිමිකම්, මානව යුතුකම්, මානව අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සූදානම් කරන බවය.
එහිදි නවක සාමාජික මහත්ම මහත්මීන්ට සහතික පතක් සහ හැදුනුම්පත්කද ලබාදෙන ලදි.

 

2023-04-23
ස්ථානය – දෙවියන් වහන්සේ අපගේ සවියයි දේවස්ථානය මීගොඩ

නවක සාමාජික මහත්ම මහත්මීන් හඳුන්වාදීමේ වැඩසටනක් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් බාලන් එල් රොයිස් පියතුමා සංවිධානය කරන ලදි.

එහිදි මානව හිතවාදී මානව හිමිකම් සංවිධානයේ කාර්යාලයක්ද ගරු සභාපතිතුමාගේ අතින් විවෘත කරන ලදි.

2023 මැයි 29
ස්ථානය – ත්‍රිකුණාමලය 3 කණුව සර්වෝදය දේවස්ථානය

මානව හිතවාදී මානව හිමිකම් සංවිධානයේ දැනුවත් කිරීමේ වැඩසටහනක් නැගෙනහිර පළාත් අධ්‍යක්‍ෂක ජෝසප් මෝසප් පියතුමා විසින් සංවිධානය කරන ලදි. එම අවස්ථාවට සභාපතිතුමා ඇතුළු අධ්‍යක්‍ෂක මණ්ඩලය සහභාගී විය.

 

2023 ඔක්තෝම්බර් 20
ස්ථානය – කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරය

මානව හිතවාදී මානව හිමිකම් සංවිධානය සහ සමර ශ්‍රී දඩල්ලගේ සුබ සාධන කලා සංගමය එක්ව සංවිධානය කරනු ලැබූ නර්තන ප්‍රසංගය සහ කලා කරුවන් ඇගයීමේ සම්මාන ප්‍රදානෝත්සවය. 

 

2024

දිනය : 2024 ඔක්තෝබර් 22
ස්ථානය : මොරටුව
පොලිස් ස්ථානය : මොරටුව

අරමුණ : නව සමාජික සමාජිකාවන් දැනුවත් කිරීම

සහභාගී වූ අය : ගරු සභාපති සමර ශ්‍රී දඩල්ල මහතා ඇතුළු ප්‍රධාන අධ්‍යක්ෂක මණ්ඩලය

සංවිධානය : උතුරු පළාත් අධ්‍යක්ෂකතුමා ඇම්. ජෝසප් මහතා

ගරු සභාපතිතුමා උත්සවයේ වැඩසටහන ආරම්භ කරන ලදී. එම පළාතේ පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු සී.අයි.ඩී. මහත්වරුන් පිරිසක්ද සහභාගී විය. එහිදී ගරු සභාපතිතුමා නීතිය හා සාමය පිළිබඳ දේශනයක් කරන ලදී. ඉන් අනතුරුව ලේකම්තුමිය නව සමාජිකයන් කෙසේ සේවය කළ යුතුද යන්න පිළිබඳ වැදගත් දේශනයක් කළාය.

දිනය: 2024 අප්‍රේල් 27 ස්ථානය: දෙවිනුවර, පාරම්පරික ශිල්පීන්ගේ පොදු මධ්‍යස්ථානය 

අරමුණ: ප්‍රාදේශීයව විරැකියාව හා දරිද්‍රතාවය අවම කිරීමේ ප්‍රමුඛතා මට්ටමේ පැවැත්වූ මූලික සම්මන්ත්‍රණය

සහභාගී වූ අය: ගරු සභාපති තුමා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අමාත්‍යාංශ මණ්ඩලය

සභාපතිගේ විශේෂ දේශනයකින් අනතුරුව, කොළඹ නගර සභාවේ විශේෂ කොමසාරිස්වරයා, පූජ්‍ය අනුනායක හිමියන් ඇතුළු විද්වත් මණ්ඩලයේ පිරිසක්

සංවිධානය: අන්තර්ජාතික දකුණු ආසියානු සංවර්ධන අරමුදල මගින් හා මානව හිමිකම් සංවිධානයේ අනුග්‍රහය ඇතිව

අන්තර්ජාතික දකුණු ආසියානු සංවර්ධන අරමුදල මගින් හා මානව හිමිකම් සංවිධානයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙම මූලික මධ්‍යස්ථානය පැවැත්වූහ. මෙය මානව හිමිකම් සංවිධානයේ ගරු සභාපතිතුමාගේ සංකල්පයකි. එදින උපහාර උත්සවයක් වශයෙන් උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. මෙහි අරමුණ වූයේ මූලික මධ්‍යස්ථානයේ පහළ මට්ටමේ ආර්ථිකය නැංවීමයි. මෙහිදී යන සමහරක් වූ දරුවන්ට සිංහල අක්ෂර විද්‍යාව සහ ගණිතය, පහළ ජන ජීවිතය යන කරුණු පිළිබඳව දැනුවත් කරන ලදී.

දිනය (Date): 2024 ජූනි 18

ස්ථානය (Location): මුහුදු ජීවන දේශීය මධ්‍යස්ථානය – ඇල්පිටිය – කළුතර

දිස්ත්‍රික්කය (District): පුත්තලම

අරමුණ (Objective): නීතිය හා සාමය ආරක්ෂා කර ගැනීම පිළිබඳ දැනුවත් කිරීම

සහභාගී වූ අය (Participants): ගරු ප්‍රධාන අධ්‍යාපන මණ්ඩලය

සංවිධානය (Organization): රොටරි ජාත්‍යන්තර සංගමය – පුත්තලම දිස්ත්‍රික්කය


එහිදී ගරු සභාපතිතුමා නව සාමාජික මහත්ම මහත්මීන් හට සංවිධානයට සේවය කරන්නේ කෙසේද යන්න පිළිබඳව දේශනයක් කරන අතර, එය ශක්තිමත්ව රඳවා ගන්න නම් එකමුතුකම හා කණ්ඩායමක් විදිහට වැඩ කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කරන ලදී.

  • දිනය (Date): 2024 ජූලි 18

  • ස්ථානය (Location): මුහුදු දේවී දේශීය මධ්‍යස්ථානය – කල්තුරිය – උඩුගම

  • දිස්ත්‍රික්කය (District): පුත්තලම

  • අරමුණ (Purpose): මාසිකව පවත්වන රැස්වීම

  • සහභාගී වූ අය (Participants): අධ්‍යාපන මණ්ඩලය

  • සංවිධානය (Organization): රොටරි ජාත්‍යන්තර හා බ්ලූම්බර්ග් සමාගම

 පළමුවෙන්ම සභාපතිතුමා පැමිණ සිටි සියලුදෙනා පිළිගැනීමෙන් අනතුරුව දවසේ වැඩ ආරම්භ කරන ලදී. පළමුවෙන්ම සභාපතිතුමා කියා සිටින ලද්දේ සාමාජික මහත්ම මහත්මීන් මාස 3කට පමණක් එකතු කරනු ලබන රු 500 ක මුදල අනිවාර්යයෙන්ම දැමිය යුතු බවය. ඊට අමතරව ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්තුමා හරහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවය. ඉදිරියේ දී නීතිය හා සාමය පිළිබඳ විවිධ වැඩසටහන් මගින් ගමට ගොස් දැනුවත් කිරීම, සූදානම් කිරීම ඉතා වැදගත් බවය.

  • දිනය (Date): 2024 ජූලි 24

    ස්ථානය (Location): මුත්තෙට්ටුගොඩ

    දිස්ත්‍රික්කය (District): මුත්තෙට්ටුගොඩ

    අරමුණ (Purpose): මානව හිමිකම් සංවිධානයේ නව දිස්ත්‍රික් අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීම හා දැනුවත් කිරීම.

    සහභාගී වූ අය (Participants): ගරු සභාපති පීටර් ශ්‍රී ලැන්සලොට් මහතා ඇතුළු ප්‍රධාන අධ්‍යාපන මණ්ඩලය

    සංවිධානය (Organization): නැගෙනහිර පළාත් අධ්‍යාපන සේවා සංගමය

    විස්තරය (Description): ගරු සභාපතිතුමා කියා සිටියේ අද දවසේ වාසනාවන්ත දිනයක් සම්බන්ධව කතාබස් කිරීම වැදගත් බවය. අප සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සම්බන්ධව හා සංවිධානයට සම්බන්ධ වූ පසු කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවත්, සංවිධානයේ සාමාජික මුදල හා ලියාපදිංචි කිරීම සම්බන්ධව දේශනයක් පවත්වන ලදී. මින් අනතුරුව දිස්ත්‍රික් අධ්‍යක්ෂවරුන් පත් කරන ලදී. එය නැගෙනහිර පළාත් අධ්‍යක්ෂ සේවා මහතා පත් කරන ලදී.

    පත්කිරීම් (Appointments):

    මුත්තෙට්ටුගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සේවාදායක සමාගම

    කුමාරවෙල්ලම් කොට්ඨාසයට වරුණ ජයසිංහ මහතා

    කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට හේමන්ත මහතා සහ ඇතුළු පිරිස පත් කරන ලදී.

දිනය: 2024 අගෝස්තු 16 ස්ථානය: සේනාගම මහා විද්‍යාලය

  • දිස්ත්‍රික්කය: අම්පාර

  • අරමුණ: සේනාගම මහා විද්‍යාලයට අවශ්‍ය පාසල් උපකරණ ලබා ගැනීමට අවශ්‍ය මූල්‍යමය ආධාරයක් ලබාදීම

  • සහභාගී වූ අය: ගරු සභාපති පීටර් ශ්‍රී ලැන්සලොට් මහතා ඇතුළු ප්‍රධාන අධ්‍යාපන මණ්ඩලය

    අම්පාර සේනාගම මහා විද්‍යාලයට ප්‍රධාන අධ්‍යාපන මණ්ඩලය විසින් මූල්‍යමය ආධාර ලබාදෙන ලදී. එහිදී සභාපතිතුමාද විශේෂ දේශනයක් කරන ලදී. එයට ගරු විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය මෙන්ම සිසුන් සහභාගී විය. ඉන් අනතුරුව විදුහල්පතිතුමා කියා සිටියේ මෙවැනි ප්‍රශංසනීය මෙන්ම සිසුන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය මෙවැනි උතුම් වැඩසටහන් කරන පින්වතුන් අප රටට අගනා සම්පතක් බවය. ඒ අනුව අප සංවිධානයට රටේ ප්‍රමුඛතාවයක් හිමි වී ඇති අතර, මෙම සංවිධානය මගින් රටට විශාල සේවයක් කර ඇති බවයි.

  • දිනය (Date): 2024 අගෝස්තු 18

  • ස්ථානය (Location): මුත්තෙට්ටුගොඩ – නිලාවේලි – කෝනේෂ්පුරම් ගම්මානය

  • දිස්ත්‍රික්කය (District): මුත්තෙට්ටුගොඩ

  • අරමුණ (Purpose): ගර්භනී මවකට අවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම

  • සහභාගී වූ අය (Participants): ගරු සභාපති පීටර් ශ්‍රී ලැන්සලොට් මහතා ඇතුළු ප්‍රධාන අධ්‍යාපන මණ්ඩලය

 මානව හිමිකම් සංවිධානයේ ගරු අධ්‍යාපන මණ්ඩලයේ අනුග්‍රහයෙන් කෝනේෂ්පුරම් ගම්මානයේ එක් ගර්භනී මවකට අවශ්‍ය කායික ප්‍රදානය කළහ.

    • දිනය (Date): 2024 සැප්තැම්බර් 02

    • ස්ථානය (Location): අලුතින් – උඩුගම ප්‍රදේශය, කෑගල්ල

    • අරමුණ (Purpose): ගිලන් වූ පියෙකුට ආධාර ලබා දීම

    •  මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ මැදිහත්වීමෙන් අලුතින් ප්‍රදේශයේ පදිංචි ගිලන්ව සිටින පියෙකු සඳහා අවශ්‍ය ආධාර ලබා දෙන ලදී.

      • දිනය (Date): 2024 සැප්තැම්බර් 25

      • ස්ථානය (Location): මධ්‍යම කාර්යාලය – රාජගිරිය

      • අරමුණ (Purpose): අධ්‍යාපන මණ්ඩලයේ මාසික රැස්වීම

      •  2025 වසරේ මහා සභා රැස්වීම සඳහා සියලු දෙනා සූදානම් විය යුතු බවත්, නව සැලසුම් පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

2025

දිනය : 2025 පෙබරවාරි 26

ස්ථානය : බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව දිස්ත්‍රික්කය : කොළඹ

අරමුණ : මහා සභා රැස්වීම

සහභාගී වූ අය : මානව හිමිකම් කොමිෂන් සභාවේ ගරු කොමසාරිස් තුමා ඇතුළු ප්‍රභූවරුන්

මානව හිමිකම් කොමිෂන් සභාවේ නීති උපදේශක ඇතුළු ප්‍රමුඛ පිරිසක්

අප සංවිධානයේ වාර්ෂික මහා සභා රැස්වීම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. ඒ සඳහා දිවයිනේ ප්‍රදේශවලින් සාමාජිකයින් සහභාගී වූ අතර, එය සාර්ථක කර ගැනීම සඳහා විශේෂ ආර්ථික ශක්තියක් ලබාදෙමින් සහභාගී විය.

දිනය : 2025 මාර්තු 31

ස්ථානය : දේවාලගම පොලිස් ස්ථානය දිස්ත්‍රික්කය : කෑගල්ල දිස්ත්‍රික්කය අරමුණ : අවුරුදු උත්සවය

සහභාගී වූ අය : පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ප්‍රභූ රැසක්

කෑගල්ල, දේවාලගම පොලිස් ස්ථානාධිපතිතුමා විසින් පවත්වනු ලැබූ අවුරුදු උත්සවය, අසීරු දරුවන් තෝරාපත් කර ගන්නා ලද දෙමව්පියන් අහිමි වූ දරුවන්ට විශේෂ අවුරුදු උත්සවයක් පවත්වන ලද එයට අනුග්‍රහය දක්වන ලැබුවේ අප සංවිධානය විසිනි.

  • දිනය : 2025 අගෝස්තු 16

  • ස්ථානය : කඳාන

  • දිස්ත්‍රික්කය : ගම්පහ

  • අරමුණ : සුරකිමු දරුවන් අපේ ඇස්දෙක මෙන්

  • සහභාගී වූ අය : අධ්‍යාපන මණ්ඩලය

  •  දරුවන්ට ආරක්ෂිත ලොවක් ගොඩනැංවීමේ අරමුණින් “සුරකිමු දරුවන් අපේ ඇස්දෙක මෙන්” යන තේමාව යටතේ සමාජය දැනුවත් කිරීමේ වැඩසටහනක් අගෝස්තු 16 වන දින කඳාන ප්ලවෝර්ස් ප්‍රාර්ථනා ශාලාවේ දී පවත්වන ලදී.

  • දිනය : 2025 නොවැම්බර් 18

  • ස්ථානය : මඩකලපුව ජාත්‍යන්තර මනෝවිද්‍යා බුදු අධ්‍යාපන ආයතනය

  • දිස්ත්‍රික්කය : මඩකලපුව

  • අරමුණ : නව සාමාජික සාමාජිකාවන් හඳුනා ගැනීම

  • සහභාගී වූ අය : ගරු අධ්‍යාපන මණ්ඩල සහ අනුසාසක මණ්ඩලය

    එම අධ්‍යාපන ආයතනයේ සියලුම අධ්‍යාපන මණ්ඩලය හඳුනාගැනීම හා අප සංවිධානයේ හැඳුනුම්පත ලබා දීමට කටයුතු රෝහලකදී සිදු කරන ලදී.

    • දිනය : 2025 නොවැම්බර් 18

    • ස්ථානය : මඩකලපුව

    • දිස්ත්‍රික්කය : මඩකලපුව

    • අරමුණ : නව සාමාජික සාමාජිකාවන් හඳුනා ගැනීම

    • සහභාගී වූ අය : ගරු අධ්‍යාපන මණ්ඩල සහ අනුසාසක මණ්ඩලය

     එම අධ්‍යාපන ආයතනයේ සියලුම අධ්‍යාපන මණ්ඩලය හඳුනාගැනීම හා අප සංවිධානයේ හැඳුනුම්පත ලබා දීමට කටයුතු රෝහලකදී සිදු කරන ලදී.

     එමෙන්ම මඩකලපුව දිස්ත්‍රික් අධ්‍යක්ෂකවරුන් රාජා මහතාගේ මගපෙන්වීම යටතේ එම මහතා තෝරාගන්නාලද නව සාමාජික සාමාජිකාවන්ට හැඳුනුම්පත් ලබාදීම හා ගරු සභාපතිතුමා මුල්වී දැනුවත් කිරීම

  • දිනය : 2025 නොවැම්බර් 15

  • ස්ථානය : සි-ඇරු සමුපකාර ගොඩනැගිල්ල

  • දිස්ත්‍රික්කය : ගම්පහ

  • අරමුණ : සාමාජිකයින් දැනුවත් කිරීම හා නව සාමාජික සාමාජිකාවන් හඳුනා ගැනීම

  • සහභාගී වූ අය : ගරු අධ්‍යාපන මණ්ඩල සහ අනුසාසක මණ්ඩලය

දේවාලගම ප්‍රදේශයේ පියසීලි මහත්මියගේ මගපෙන්වීම යටතේ එම පළාත්වල සාමාජික මහත්ම මහත්මීන් දැනුවත් කිරීම.

    • දිනය: 2025 නොවැම්බර් 29

    • ස්ථානය: මස්කෙළිය

    • දිස්ත්‍රික්කය: නුවරඑළිය

    • අරමුණ: සාමාජිකයින් දැනුවත් කිරීම හා නවක මහත්ම මහත්මීන් හඳුනා ගැනීම.

    • සහභාගී වූ අය: ගරු අධ්‍යක්ෂක මණ්ඩලය සහ අනුශාසක මණ්ඩලය.

    නුවරඑළිය නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත මහතාගේ මගපෙන්වීම යටතේ මෙම මානව හිමිකම් හා යුතුකම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන පවත්වා ඇත.