වාර්ෂික වාර්තා

2019

මානව හිතවාදී මානව හිමිකම් සංවිධානයේ ගරු සභාපතිතුමාගේ මැදැහත්වීමෙන් රත්මලාන බෝධිරුක්‍ඛාරාම විහාරස්ථානයේදී පාසල් දරුවන් 75 දෙනෙකුට පාසල් බෑග් සහ පොත් ලබාදෙන ලදි

එම වර්ෂයේ දහම් පාසල් දරුවන් 400ක් සඳහා කිරි පැකට් ලබාදීම

අනුරාධපුරයේ මවකට අත්වාරු ලබාදීම

බොරලැස්ගමුව පොලිසිය සමග එක්ව කොවිඩ් 19 හේතුවෙන් අසරණ වූ පවුල් සඳහා වියලි ආහාර ලබාදීම

කොවිඩ් 19 හේතුවෙන් අසරණ වූ කලාකරුවන් රැසකට වියලි ආහාර ලබාදීම
(කොළඹ,කිරිබත්ගොඩ,ගම්පහ,නිට්ටඹුව,ජා ඇල)

2022

2022 ජුනි 25
ස්ථානය ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

65/ජල නාදෙනිය ග්‍රාම නිලධාරි තුමිය විසින් තෝරා ගත් අඩු ආදායම්ලාභී පවුල්වල ළමුන් සඳහා පසුගිය දා ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පාසල් උපකරණ ලබාදීම

2022 ජුනි 22
ස්ථානය මල්මඩුව, අටාල

පිංදෙනිය පොලිස් ස්ථානාධිපතිතුමාගේ නිරික්‍ෂනය යටතේ පිංදෙනිය මල්මඩුව, අටාල අඩු ආදායම්ලාභී පවුලක් තෝරා ගැනීමෙන් අනතුරුව එම පවුලේ අයට නිවසේ ඉතිරි වැඩ කිරීම සඳහා මානව හිතවාදී මානව හිමිකම් සංවිධානයේ සභාපතිතුමා අවශ්‍ය දෑ ලබාදෙන ලදි.

2022 ජුලි 25
ස්ථානය – කෑගල්ල, ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

කෑගල්ල, ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගරු ලේකම්තුමා සමග නිරික්‍ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව එම පළාතට අයත් ග්‍රාමසේවා වසම් 51 හි අඩු ආදායම්ලාභී පවුල් 150කට අධික පිරිසක් තෝරාගෙන වියලි ආධාර ලබාදීම.

 

2022 අගෝස්තු 01
ස්ථානය – සංඝරාජපුර ග්‍රාමීය රෝහල, හතරලියද්ද.

මානව හිතවාදී මානව හිමිකම් සංවිධානය කෑගල්ල දිස්ත්‍රික්කයේ හතරලියද්ද, සංඝරාජපුර ග්‍රාමීය රෝහලට රුපියල් ලක්‍ෂ 3කට අධික වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය ඖෂධ පරිත්‍යාග කිරීම.

සංඝරාජපුර ග්‍රාමීය රොහලට හිඟව පැවති අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාගය අප සංවිධානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සමර ශ්‍රී දඩල්ලගේ මහතා විසින් එම රෝහල් ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය ස්වර්ණමාලී පානමකුඹුර මහත්මිය
වෙත භාරදෙන ලදි.

 

2022 අගෝස්තු 01
ස්ථානය – නිකවැරටිය, බුළුමුත්තාව

මානව හිතවාදී මානව හිමිකම් සංවිධානයේ ගරු සභාපති සමර ශ්‍රී දඩල්ලගේ මැතිතුමාගේ මගපෙන්වීම යටතේ නිකවැරටිය, බුළුමුත්තාව ග්‍රාමයේ පදිංචි ඊ.එම්. සුනෙත් චාමර මහතාට මානව හිතවාදී මානව හිමිකම් සංවිධානයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අධ්‍යක්‍ෂක ධූරය පිරිනමන ලදි. එදිනම එතුමාගේ මානව හිමිකම් කාර්යාලයද විවෘත කරන ලදි.

2022 අගෝස්තු 21
ස්ථානය – නිකවැරටිය, නොච්චියාගම, අනුරාධපුරය

මානව හිතවාදී මානව හිමිකම් සංවිධානයේ මීගමුව ප්‍රදේශයේ අධ්‍යක්‍ෂ වූ සඳුන් බාලසූරිය පියතුමාගේ ආරාධනයෙන් නොච්චියාගම පහළ, මාරගහවැව ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී විය

2022 සැප්තැම්බර් 01
ස්ථානය – හත්ථකුච්චි ශෛලබිම්බාරාම විහාරස්ථානය – අනුරාධපුරය

එහිදී එම විහාරස්ථානයේ අති පූජ්‍ය ස්වාමීන් වහන්සේ සමග එම විහාරස්ථානයේ නිරික්‍ෂණයක නිතර විය එහිදී එම විහාරස්ථානයේ අඩුපාඩු විමසා කඩිකමින් ඒවාට විසඳුම් ලබාදීමට අප මානව හිතවාදී මානව හිමිකම් සංවිධානයේ ගරු සභාපතිතුමා පොරොන්දු විය. ඩුබායි රාජ්‍යයේ සේවයේ නියුතු අප සංවිධානයේ කැළණිය සංවිධායක සුරේඛා මහත්මිය එම විහාරස්ථානයට අවශ්‍ය වියලි ආහාර ලබා දීම එදිනම සිදු කෙරිණි.

ඉන් අනතුරුව ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කර ඉදිරි මාසයේ පෝයට එනම් (2022-10-10) එම විහාරස්ථානයේ මල් පෙරහැරක්, කාව්‍යමය ධර්ම දේශනාවක් කිරීමට යෝජනා කලහ.

2022 සැප්තැම්බර් 06
ස්ථානය – දේවාලේගම පවුල් සෞඛ්‍ය මධ්‍යස්ථානය


ශ්‍රී ලංකා පොලිසියට වසර 156 පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා පොලීසිය මගින් මහජන සුභසිද්ධිය හා මහජන සම්බන්ධතාව වර්ධනය කරන ගැනීම වෙනුවෙන් සිදු කිරීමට නියමිත වැඩසටහන් පෙලට සමගාමීව 2022-09-06 වන දින සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික්කයේ දේවාලේගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා මගින් කටයුතු සූදානම් කර තිබුනි.


මෙම වැඩසටහනට ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන පවුල් 50 සඳහා පවුල් සෞඛ්‍ය අංශය මගින් නිර්දේශ කල අතර එම මවුවරුන් සඳහා මානව හිතවාදී මානව හිමිකම් සංවිධානය මගින් වියලි ආහාර ලබා දෙන ලදි.

 

2022 සැප්තැම්බර් 08
ස්ථානය – පිංදෙනිය පොලිස් ස්ථානය

156 වන පොලිස් සංවත්සරය නිමිත්තෙන් පොලිස් ජන්ම දිනය තේමා කරමින් පිංදෙනිය පොලිස් වසමට අයත් 2022-09-03 දින සිට 2022-09-10 දක්වා විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක විය ඒ අතරින් පොලිස් වසමේ පදිංචි ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන පවුල් වල පාසල් යන දරුවන් වෙනුවෙන් අවශ්‍ය දේ ලබා දීම පොලිස් ස්ථානාධිපතිවරයාගේ මග පෙන්වීම යටතේ ඉතාමත් දුෂ්කර පාසලක් වන හීන්වැල්ල දමිල කනිටු පාසල තෝරා පත් කර ගනී

එම අවස්ථාවට පැමිණි මානව හිතවාදී මානව හිමිකම් සංවිධානයේ ගරු සභාපතිතුමා අතින් පාසල් උපකරණ ලබාදෙන ලදි.

2022-11-09
ස්ථානය – අනුරාධපුරය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස


දිවයින පුරා ඇති පුරාණ විහාරස්ථාන සොයා ම විහාරස්ථාන වල පුර පසලොස්වක දිනයට සීල ව්‍යාපාර සහ ආගමික වැඩසටහන් කිරීම ඊට අමතරව අපගේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සංකල්පයක් වශයෙන් රටේ සිටින තරුණ දරුවන් වයස 15-25 අතර දරුවන් මේ වන විට විවිධ කරදර වලට පෙළඹෙන හා මුහුණ දෙන නිසා එය අවම කර ගැනීම සියලුම දරුවන් දහම් දැනුම සඳහා යොමු කිරීමයි

මේ සංකල්පය අනුව අප මුලින්ම ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ආශිර්වාදය ලබා ගත්හ

 

2022 නොවැම්බර් 18 
ස්ථානය – හලාවත


ඉදිරි දැක්ම සඳහා කොට්ඨාශ මට්ටමේ සාකච්ඡා කිරීම එය මෙහෙයවනු ලැබුවේ වයඹ පළත් අධ්‍යක්‍ෂ සුසිල් ජයලත් පියතුමා ය. එම අවස්ථාවේ ගරු සභාපතිතුමා සභාව අමතමින් කියා සිටියේ 2023 වර්ෂයේ ඉදිරි දැක්ම සඳහා අප සියලු දෙනා එකමුතුවී වැඩ කල යුතු බවයි.
ඒ සඳහා එම පළාත් වල සිටින සියලු දෙනා කොට්ඨාශ මට්ටමේ විවිධ වැඩසටහන් කිරීම වැදගත් බවයි.
ඒ අතරින් අධ්‍යාපනය ලබන සියලු දරුවන් දහම් දැනුමට යොමු කිරීම හා අඩු ආදායම්ලාභී පවුල් සොයා ඒ අයට අවශ්‍ය දේ කඩිනමින් ලබාදීම, මත්දව්‍ය පිළිබද වැඩසටහන් ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බව සභාව අමතා ගරු සභාපතිතුමා ප්‍රකාශ කරන ලදි.

 

2022 නොවැම්බර් 22
ස්ථානය – ජා ඇල වැලිගම්පිටිය

ඉදිරි වැඩ කටයුතු සාකච්ඡා කිරීම සඳහා සඳුන් පියතුමාගේ ආශිර්වාදය මැද දවසේ වැඩ ආරම්භ විය.
ගරු සභාපති කියා සිටියේ ඉදිරි දැක්ම සඳහා 2023 වර්ෂය සඳහා කරගෙනු යනු ලබන දරුවන් දහම් දැනුමට යොමු කිරීම ඉතා වැදගත් බවය.
රටේ තිබෙන වත්මන් තත්වය මත දැහැමි සමාජයක් බිහිකිරීමට නම් අප සියලු දෙනාම එකමුතුවී වැඩ කිරීමද ඉතා වැදගත් බවයි.

2023

2023 ජනවාරි 24
ස්ථානය – බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව

මානව හිතවාදී මානව හිමිකම් සංවිධානය විසින් 2023 නව වසර සඳහා අලුත් නිලධාරි මණ්ඩලයක් පත් කිරීම පසුගියදා සිදු කෙරිණි. එහිදි නව නිලධාරි මණ්ඩලය සමග ලංකාවේ සියලුම පළාත් නියෝජනය වන පරිදි එම පළාත්වලට නියෝජිතයින්ද පත් කරනු ලබන අතර දිස්ත්‍රික් මට්ටමින්ද නියෝජිතයින් පත් කෙරිණි.

 

2023-02-02

ස්ථානය – මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

මානව හිතවාදී මානව හිමිකම් සංවිධානයේ චමින්ද සම්පත් පියතුමාගේ මූලිකත්වයෙන් මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලුම නිලධාරි මහත්ම මහත්මීන් සම්බන්ධ කරගෙන අනෙකුත් සියලුම පොලිස් වසම්වල මහත්ම මහත්මීන් සමග සමස්ථ මාවනැල්ල ආවරණය වන පරිදි මත්දව්‍ය නිවාරණ වැඩසටහනක් ක්‍රියාත්මක කලහ.

 

2023 පෙබරවාරි 15

ස්ථානය – කූරටිහේන මහා විද්‍යාලය හෙට්ටිපොළ

මානව හිතවාදී මානව හිමිකම් සංවිධානයේ කුරුණෑගල දිස්ත්‍රික් අධ්‍යක්‍ෂ සුනෙත් ඒකනායක මහතා විසින් එම උත්සවය සංවිධානය කරන ලදි. මෙහි අරමුණ මානව හිමිකම්, මානව අයිතිවාසිකම්, මානව යුතුකම් පිළිබඳ දැනුවත් කිරීමයි.

කථිකාචාර්ය හා උපදේශක කමල් බණ්ඩාර හීන්කෙන්ද මහතා විසින් සභාව අමතන ලදි. එම අවස්ථාවේදී සභාපතිතුමා හරවත් දේශනයක් සිදු කරන ලදි.

2023 මාර්තු 06
ස්ථානය – බොරැල්ල වනාතමුල්ල

මතින් තොර රටක් සෞභාග්‍යමත් රටක් උදෙසා රංජිත් පියතුමා මෙම වැඩසටහන සංවිධානය කරන ලදි. ගරු සභාපතිතුමා ද එහිදී හරවත් දේශනයක් කලහ.
මෙම අවස්ථාවේදී ගරු ලේකම්තුමිය කියා සිටියේ මාතෘ භූමිය භාරගන්නා අපේ මේ දුවා දරුවන් ආගම දහමට ලැදිව යහමගට ගැනීම අවශ්‍ය බවය.
තවදුරටත් එතුමිය කියා සිටියේ සියලුම අධ්‍යාපනය ලබන දූ දරුවන් දහම් දැනුමට යොමු කිරීමෙන් මෙම ව්‍යවසනයෙන් බේරා ගැනීමට හැකි බවය.

2023 පෙබරවාරි 15
ස්ථානය – බණ්ඩාර කොස්වත්ත, ග්‍රාම නිලධාරි වසම – හෙට්ටිපොළ

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මානව හිතවාදී මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්‍ෂ සුනෙත් ඒකනායක මහතා විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදි.
එහිදී අප සභාපතිතුමාගේ ආරාධනයෙන් පැමිණි කථිකාචාර්ය, උපදේශක, කමල් බණ්ඩාර හීන්කෙන්ද මහතා එම ග්‍රාමයේ සියලුම ජනතාවට හරවත් දේශනයක් කලහ.

2023 අප්‍රේල් 11
ස්ථානය – ආණමඩුව පිදේපියා දේවස්ථානය


නවක සාමාජික සාමාජිකාවන් බඳවා ගැනීමේ වැඩසටහනක් නිලන්ත පියතුමා විසින් සංවිධානය කරන ලදි. මෙම අවස්ථාවේදී ගරු ලේකම් තුමිය නවක සාමාජිකයෙකුගේ කාර්ය භාරය පිළිබඳ පැහැදැලි කිරීමක් කරන ලදි. ඒ සමගම ගරු සභාපතිතුමා ඉදිරියේදී අපගේ නවක සාමාජික මහත්ම මහත්මීන්ට මානව හිමිකම්, මානව යුතුකම්, මානව අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සූදානම් කරන බවය.
එහිදි නවක සාමාජික මහත්ම මහත්මීන්ට සහතික පතක් සහ හැදුනුම්පත්කද ලබාදෙන ලදි.

 

2023-04-23
ස්ථානය – දෙවියන් වහන්සේ අපගේ සවියයි දේවස්ථානය මීගොඩ

නවක සාමාජික මහත්ම මහත්මීන් හඳුන්වාදීමේ වැඩසටනක් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් බාලන් එල් රොයිස් පියතුමා සංවිධානය කරන ලදි.

එහිදි මානව හිතවාදී මානව හිමිකම් සංවිධානයේ කාර්යාලයක්ද ගරු සභාපතිතුමාගේ අතින් විවෘත කරන ලදි.

 

2023 මැයි 29

ස්ථානය – ත්‍රිකුණාමලය 3 කණුව සර්වෝදය දේවස්ථානය

මානව හිතවාදී මානව හිමිකම් සංවිධානයේ දැනුවත් කිරීමේ වැඩසටහනක් නැගෙනහිර පළාත් අධ්‍යක්‍ෂක ජෝසප් මෝසප් පියතුමා විසින් සංවිධානය කරන ලදි. එම අවස්ථාවට සභාපතිතුමා ඇතුළු අධ්‍යක්‍ෂක මණ්ඩලය සහභාගී විය.

2023 ඔක්තෝම්බර් 20

ස්ථානය – කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරය

මානව හිතවාදී මානව හිමිකම් සංවිධානය සහ සමර ශ්‍රී දඩල්ලගේ සුබ සාධන කලා සංගමය එක්ව සංවිධානය කරනු ලැබූ නර්තන ප්‍රසංගය සහ කලා කරුවන් ඇගයීමේ සම්මාන ප්‍රදානෝත්සවය

2024

දිනය – 2024 ජනවාරි 22

ස්ථානය – මඩකලපුව

අරමුණ – නවක සාමාජිකයින් දැනුවත් කිරීම

නැගෙනහිර පළාත් අධ්‍යක්‍ෂක එන් ඇම් ජෝෂප් පියතුමා විසින් සංවිධානය කරන ලදි

දිනය – 2024 අප්‍රේල් 27

ස්ථානය – දෙල්ගොඩ නාරංවල සූරියතැන්න පොදු ක්‍රීඩාංගණය

අරමුණ – ගම්වාසී නගරවාසී සියලු දෙනාට විනෝදවීම හා පැරණි හෙළ සිරිත් ඉස්මතු කිරීම

සූර්ය මංගල්ලය – සංවිධානය ඇඹරලුව දකුණ එකමුතු අවමංගල්‍යාධාර සමිතිය



දිනය – 2024 ජුනි 18

ස්ථානය – ක්‍රිස්තු ජීවන දේවස්ථානය – ආඩිගම ගල්කුරිය 

අරමුණ – මානව හිතවාදී මානව හිමිකම් සංවිධානයේ මහත්ම මහත්මීන් දැනුවත් කිරීම

රොඩ්නි ජයලත් පූජකතුමා සහ ටේලර්ස් පූජකතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය

දිනය – 2024 ජුලි 18

ස්ථානය – ක්‍රිස්තු ජීවන දේවස්ථානය – ආඩිගම ගල්කුරිය 

අරමුණ – මානව හිතවාදී මානව හිමිකම් සංවිධානයේ මහත්ම මහත්මීන් දැනුවත් කිරීමේ මාස්පතා සිදු කෙරෙන රැස්වීම

රොඩ්නි ජයලත් පූජකතුමා සහ ටේලර්ස් පූජකතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය

දිනය – 2024 ජුලි 24

ස්ථානය – ත්‍රිකුණාමලය දේවස්ථානය

අරමුණ – මානව හිතවාදී මානව හිමිකම් සංවිධානයේ නව අධ්‍යක්‍ෂකයින් පත් කිරීම හා ඔවුන් දැනුවත් කිරීම

නැගෙනහිර පළාත් අධ්‍යක්‍ෂක ඇන් ඇම් ජෝෂප් පූජකතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය

දිනය – 2024 ජුලි 19

ස්ථානය – ත්‍රිකුණාමලය නිලාවේලි කෝනේෂ්පුරි ගම්මානය

අරමුණ – මානව හිතවාදී මානව හිමිකම් සංවිධානයෙන් ගැබිණි මව්වරුන්ට අවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම

මානව හිතවාදී මානව හිමිකම් සංවිධානයේ ප්‍රධානත්වයෙන් පැවැත්විය